මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස ලෙස නාමකරණය වී සිටි දළ ඇතු මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇතිබව වාර්තා වේ .
වෙඩි වැදීමකින් ලද තුවාල හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ කාවන්තිස්ස ඇතාට සති කිහිපයකට පෙර (සැප්තැම්බර් 26 ) සිට වනජීවී පශුවෛද්යවරුන් විසින් ප්රතිකාර ආරම්භකර තිබුනි . එකී ප්රතිකාර හමුවේ වෙඩි වැදීමෙන් වූ තුවාලය සුව වෙමින් පවතින බවත්, ඇතා සුවය ලබනු ඇති බවත් ප්රතිකාර කළ වෛද්යවරුන් පවසන ලදි . කෙසේ වෙතත් ප්රතිකාර ලබාදීම දවස් කිහිපයකට ඇනහිටි බවත් එහෙයින් ඇතාගේ තත්ත්වය නැවතත් උත්සන්න ඌ බවත් ප්රදේශවාසීහු පවසති .
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර කාවන්තිස්සට ප්රතිකාර කිරීමට බාරගත් වනජීවී පශුවෛද්ය චන්දන ජයසිංහ පැවසූවේ ඇතා දරුණු පාචන තත්ත්වයෙන් පෙලෙනා බවයි . එම අවස්ථාවේ පරීක්ෂණ සඳහා අසූචි සාම්පල ලබගණීමට උත්සහ කළද එය අසාර්තක වූ බව ඔහු මාධ්ය හමුවක් අමතමින් පැවසීය . කාවන්තිස්ස ඇතා දස දෙනෙකුගෙන් යුතු අලි රංචුවක් සමග ගැවසීම සහ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම සාම්පල ලබාගත නොහැකිවූ බව ඔහු සඳහන් කළේය . කෙසේ වෙතත් නිරීක්ෂණ සහ උපකල්පන මත ප්රතිකාර අඛණ්ඩව සිදුකරනාබව ඔහු සඳහන් කළේය .
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්ය කණ්ඩායම් පවසයි . පාචන තත්ත්වය සමග කාවන්තිස්ස ඇතා ආහාර ගැණීම නතර කර දැමූවද දිනකට පමණ පෙර සිට නැවතත් ආහාර ගැනීම අරම්භ කළ බවට වාර්තා පලවිය . ඒහෙත් එවා නිසි පරිදි පශු වෛද්යවරුන් විසින් තහවුරු කර නැත.
ඒ අනුව කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ බව පැහැදිළිවෙයි . ඒ අතරම මුල් අදියරේදී කාවන්තිස්ස ඇතාට ලබාදුන් ප්රතිකාරවලදී ප්රතිජීවක අධිමාත්රාවෙන් ලබාදීම මෙම මරණයට හේතුව වන්නට ඇතිබවට සමාජ මධ්යහී අදහස් දක්වන පාර්ශව පවසයි . මීට දෙදිනකට පමන පෙර කාවන්තිස්ස ඇතා ජලාශයකට බැස සිටිනා ඡායාරූපයක් සමාජ මාධ්යහී පලවූ අතර එම ඡායාරූපයේ ශරීරයේ ඇමිණී තිබූ සිරින්ජර් විශාල තොගයක් නිරීක්ෂණය විය .
මේ අතර කාවන්තිස්ස ඇතාට යම් විශක් ශරීර ගතව ඇතිබවත්, ඌ ජලයට බැස සිටින්නේ ඒ හේතුවෙන් බවත් තවත් පාර්ශව පවසන්නට විය . ඒ අනුව මේ පිළිබඳ වඩි විස්තර දැනගැනීම සඳහා මුල් අවස්තාවේ කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කළ වනජීවී පශු වෛද්ය ඉසුරු හේවාකෝට්ටගේ දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීය.
මේ අතර අද පෙරවරුවේ සියඹලන්ගමුව ප්රදේශයේදී ඇද වැටි සිටියදී මෙම ඇතා සොයාගත් නමුත් පස්වරුවේ ඇතා මියගිය බව වාර්තා වේ.