මැදවච්චිය, වැවැල්කැටිය ප්රදේශයේ අසනීප වී සිටින අලි පැටවා තව දුරටත් පශු වෛද්ය ප්රතිකාර අඛණ්ඩව ලබාදෙමින් සිටිනා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, පඬුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අසනීපයෙන් පසුවන මෙම අලි පැටවාට වැඩිදුර ප්රතිකාර ලබා දී ඇත. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය සමාජ මාධ්ය පිටුවේ අද පලකර ඡායාරූප විස්තරයක සඳහන් වන්නේ වැඩි දුර ප්රතිකාර සඳහා එම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගිය බවයි .
අලි පැටවාගේ සෞඛ්ය තත්ත්වය හෝ රෝගයට හේතුව පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුර තොරතුරු ලබා දී නොමැත.