2024 වසරේදී 388 ක් ලෙස දැක්වුන වාර්ෂික අලි මරණ සංඛ්යව 2025 වසර තුළදී 455 දක්වා ඉහළ ගිස් ඇතිබව වාර්තා වේ . මේ බව වාර්තාවූයේ පරිසර ඇමති ධම්මික පටබැඳි විසින් පාර්ලිමේන්තුවේදී කළ පිළිතුරු කතාවකිනි .
ඒ අනුව 2024 ට සාපේක්ෂව 2025 වසරේදී මියගිය වන අලින්ගේ සංඛ්යාව 67 කින් ඉහළ ගොස් ඇති බව පැහැඳිළි වෙයි .
පාර්ලිමේන්තු මන්ත්රී එල් එම් අබේවර්ධන නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයකට අනුව, 2025 වසරේදී වන අලි ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 221 දෙනෙකු තුවාල ලබා ඇති බවද තහවුරු විය.
එමෙන්ම, වන අලි තර්ජනයට විසඳුම් ලෙස දැනට ඉදි කර ඇති විදුලි වැට මුළු දිග කිලෝමීටර 5,787.89 කින් සමන්විත වන බවත්, 2025 වසර තුළදී පමණක් විදුලි වැට ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 618.89 ක මුදලක් වැය කර ඇති බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය විය.