ජෛව ආක්‍රමණිකයන්ට එරෙහි සටන් කිරීම ඕස්ට්‍රේලියාවෙන් ඉගෙනගමු.

ජෛව ආක්‍රමණිකයන්ට එරෙහි සටන් කිරීම ඕස්ට්‍රේලියාවෙන් ඉගෙනගමු.

 

කෘෂිකර්මාන්තයට, පරිසරයට සහ වනජීවීන්ට එල්ල විය හැකි අවදානම් හේතුවෙන්, ශ්‍රී ලංකාවේ සිට පැමිණි සංචාරකයකු අලි අසූචිවලින් සකස් කරන ලද ශීතකරණයේ අලවන කාන්දමක් සහිත සැරසිල්ලක්  රැගෙන ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගත් උත්සහය  එරට ජෛව ආරක්ෂණ බලධාරීන් විසින් වළක්වා ඇත .

අලි අසූචිවලින් නිෂ්පාදනය කරන ලද මෙම අසාමාන්‍ය මතක සටහන් තමන් රැගෙන ආ බව ඕස්ට්‍රේලියාවට ළඟා වීමෙන් පසු අදාළ සංචාරකයා විසින් ස්වේච්ඡාවෙන් බලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

සතුන්ගේ අපද්‍රව්‍යවලින් සිදු කරන නිෂ්පාදන මඟින් හානිකර බැක්ටීරියා, පරපෝෂිතයන්, කෘමීන්ගේ කීටයන් සහ වල් පැළෑටි බීජ රැගෙන තම රටට ඇතුළු විය හැකිබවත්, එයින් ගෘහස්ථ සතුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් මෙන්ම ආක්‍රමණශීලී ශාක රට තුළ පැතිරීමට ඉඩ ඇති බව පෙන්වාදෙමින් එ‍රට බළධාරීන් එම මතක සිහිවටනය විනාශ කිරීමට තම බාරයට ගෙන ඇත .

මෙය ඉතා කුඩා සිදුවීමක් ලෙස පෙනුනද ඒ තුළින් ඕස්ට්‍රේලියාව තම රටේ ශාක සහ සත්ත්වයන්ගේ ආරක්ෂාව පිළිබඳව කෙතරම් බරපතලව සිතන්නේදැයි අපට වටහාගත හැක .

 ශ්‍රී ලංකාවද දිනෙන් දින ආක්‍රමණික ශාක සහ සත්ත්ව විශේෂයන්ගේ ග්‍රහණයට නතුවෙමින් පවතී . විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ගෙන ආ ටැංකි සුද්දන්, ඇලිගේටර් ගාර්, නයිෆ් ෆිෂ් මෙන්ම දදුරු ඔය ආශ්‍රයෙන් වාර්තාවන ස්නේක් හෙඩ් වැනි ආක්‍රමණික මසුන් අදවන විට මෙරටට බරපතල ප්‍රශ්ණයක් බවට පත්ව ඇත . මධ්‍යම කඳුකරයේ වාර්තාවන ගිනි තණ, ලන්තාන, මෙන්ම යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණික ශකද රට තුළ වේගයෙන් පැතිරෙනින් පවති . 

එතරම් අවදානමක් හමුවේ වුවද මෙරට ජෛව ආරක්ෂණ නීතිම් ක්‍රියාත්මක කරනා පාර්ශව මෙන්ම මහජනයාද තවමත් සිය වගකීම තේරුම් ගෙන නැත . ලංකාවේ අලි අසූචි වලින් සෑදු කාන්දම් සිහිවටනයක් හමුවේ ඕස්ට්‍රේලියානු බලධාරීන් ගත් ක්ෂණික පියවර අපට කියන්නේ වෙනත් රටවල් තම රටේ ජෛව විවිධත්ත්වය කෙතරම් බරපතල ලෙස සලකන්නේද යන්නය.

 

 

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.