ගාමිණී ෆොන්සේකාගේ පුත්‍රයා වනජීවී අත්අඩංගුවට

ගාමිණී ෆොන්සේකාගේ පුත්‍රයා වනජීවී අත්අඩංගුවට

 

සීගිරිය අභයභූමියේ පුද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නොගෙන වගා ළිඳක් කැපීම සහ ගස් කැපීමේ චෝදනාව මත ‍ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු සීගිරිය වනජීවී නිලධාරීන් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ .

මෙය පෞද්ගලික ඉඩමක් බැවින් වනජිවී නීතිය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් මෙම වගා ළිඳ කණිනා පද බව අත්අඩංගුවට ගත් දමිත් ෆොන්සේකා ප්‍රමුඛ සැකකරුවෝ පවසති . ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ බව විමසා සිටි අතර එහිදී අදහස් දක්වූ සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එස් මලින්ද සඳහන් කළේ, සීගිරිය අභයභූමියේ පෞද්ගලික ඉඩමක හෝ කිසියම් කැණීමක්, දැව කැපීමක්, ඉදිකිරීමක් ආදී යමක් සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන එය සිදු කළ යුතු වන බවයි.

සීගිරිය වනජීවී නිලධාරීන් ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇති බවත්, වගා ළිඳ කැපීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, කපන ලද ගස්වල දැව කඳන් මෙන්ම ට්‍රැක්ටර් රථයක් ද ඔවුන් භාරයට ගෙන ඇති බව සීගිරිය වනජීවී කාර්යාලය පවසයි .

අත්අඩංගුවට ගත්  සැකකරුවන් මේ වන විට ඇප මත මත නිදහස් කර ඇත . ඔවුන් ලබන 31 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.