දළදා සමිදුන් උදෙසා ආදිවාසීන් වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව පළමු රන්දෝලි පෙරහැර දිනයේදී..

දළදා සමිදුන් උදෙසා ආදිවාසීන් වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව පළමු රන්දෝලි පෙරහැර දිනයේදී..

 

 
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා ආදිවාසී ජනතාව සෑම වර්ෂයකම සිදු කරන මීපැණි පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (23) පුරාණ චාරිත්‍රානුකූලව සිදු කෙරිණි. සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව මෙම පූජාව සිදුවන අතර  පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේ පෙරවරුවේ මෙම පූජාව සිදු කෙරේ.

ඒ අනුව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්  ප්‍රධාන අනූ පස්දෙනෙකුගෙන් සමන්විත ආදිවාසී කණ්ඩායමක් මෙම මේ පැණි පූජාවට සහභාගි වූහ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්  ශ්‍රී දළදා මාලිගාවේදී  ආදිවාසී ජනතාව පිළිගන්නා ලද අතර අනතුරුව දළදා සමිඳු උදෙසා මී පැණි පූජාව පැවැත්විණ. එම පූජාවෙන් අනතුරුව ආදිවාසීන් සිදු කරන සත්කාරයට කෘතගුණ සැලකීම සඳහා  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් එම පිරිස සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සිදු විය. 

මෙම සාම්ප්‍රදායික පූජාවෙන් අනතුරුව පළමු රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ආදිවාසී නායකයා ප්‍රධාන එම ජනතාව සහභාගීවීමට නියමිතය.

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.