නොකළ වරදකට සොබාදහම නේපාලයට දුන් දඬුවමින් ලෝකයටම පාඩමක් .

නොකළ වරදකට සොබාදහම නේපාලයට දුන් දඬුවමින් ලෝකයටම පාඩමක් .

 

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් හිමාල පර්වත වැටිය මුහුණදෙමින් සිටින දැඩි පාරිසරික තර්ජනය පිළිබඳව නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටීල් සෙනසුරාදා (අගෝස්තු 29) දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. 

මෙම අනතුරු ඇඟවීම ලෝකයේ අවධානයට යොමුවනුයේ නේපාලයේ චීන දේශසීමාව සමීපයේ ඇතිවූ හදිසි ගංවතුර හේතුවෙන්  2500 කට ආසන්න පිරිසක් අතුරු දහන් වී තවත් 700 කට වැඩි පිරිසක් මියගොස් ඇති පසුබිමකදීය.

ඇමෙරිකානු භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනය පවසන්නේ හිමාලයානු උස් මායිම් ප්‍රදේශයේ සිදුවූ ග්ලැසියර කඩාවැටීමක් හේතුවෙන් මෙම දරුණු ජලගැලීම සිදුව ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් පැවසුවේ, චීන විදේශ අමාත්‍ය වං යී සමඟ සාකච්ඡා කර ගංවතුර සහ ජල විද්‍යාත්මක දත්ත එසැණින් හුවමාරු කර ගැනීමට එකඟ වූ බවයි. චීනය ද චන්ද්‍රිකා ඡායාරූප, ජල විද්‍යාත්මක දත්ත සහ පූර්ව අනතුරු ඇඟවීම් නේපාලයට ලබා දී ඇති බව සඳහන් කළේය.

නේපාලය ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා දායක වන්නේ  0.01% ක් තරම් ඉතා කුඩා ප්‍රමාණයකින් වුවද, දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමට ගොදුරු වන ප්‍රධාන රටක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා, හිමාලයානු පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අන්තර්ජාතික ප්‍රජාවේ සහාය යොමුවිය යුතු බවද පැවසීය .

ගල්අඟුරු, තෙල් සහ ගෑස් වැනි පොසිල ඉන්ධන අධික ලෙස දහනය කිරීම නිසා ඇතිවන ගෝලීය උණුසුම, හිමාලයානු ග්ලැසියර සීඝ්‍රයෙන් දියවීමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටීල් පෙන්වා දෙයි . මෙම තත්ත්වය පවතින තුරු මේ ආකාරයේ හදිසි සහ අනපේක්ෂිත විපත් සිදුවීම වැලකිය නොහැකි බවත්, මෙවැනි අනපේක්ෂිත ග්ලැසියර කඩාවැටීම් මගින් කඳුකර පරිසර පද්ධතිවල පවතින අවදානම් සහගත බව සහ ඒවා ආශ්‍රයෙ දිවි ගෙවනා ජනතාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ලෝකයේ සියළු රටවල් අවධානය යොමුකළ යුතු බවත් ඔහු පැවසීය .

ග්ලැසියර් කඩා වැටීමට අමතරව කලක සිට හිමාල ප්‍රදේශයේ වාර්තා වන අයිස් දියවීම හේතුවෙන් ග්ලැසියර් මත පිහිටා ඇති විල්වල ජල මට්ටම් ඉහළ යාමත් ඒ නිසා එකී විල් බැමි ඛාදනය වීමත් ඒ  හේතුවන් ගංවතුර ඇතිවීමත් සිදුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති .

ලෝකයේ හරිතාගාර වායු විමෝචනයට 0.01% තරම් අවම මට්ටමින් දායක් වන නේපාලය වැනි රටක ජනයාට සිදු වූ දෙය සිතාගැණීමට පවා ඉඩම් නොතබමින් සිදු වූ විනාශය දේශගුණ විපර්යාස කෙතරම් දරුණුදැයි ලෝකයට කියා පානා බවත්, හරිතාගාර වායු ඉහළ අගයකින් විමෝචනය කාරනා ඇමාරිකාව චීනය වැනි රටවල් මෙම තත්ත්වය ගැන බරපතල ලෙස සිතා බැලිය යුතු බවත්  ඕවුහු පවසති .

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.