.
මාතර දෙණියාය අඩවියට අයත් පනිල්කන්ද රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මාර්ගයක් සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමය දෙණියාය කැකුන්දෙණිය වන ක්ෂේත්‍ර සහකාර කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත .
එම පුද්ගලයා සමග ඔහුට මේ සඳහා ආධාර උපකාර කළ තවත් අයෙක්ද අත් අඩංගුවට ගෙන ඇත
එම පුද්ගලයා සිය පුද්ගලික ඉඩමට ප්‍රවේශ වීම සඳහා රක්ෂිතය හරහා මාර්ගය ඉදිකර ඇති අතර පසුගිය 17 වැනිදා ලද තොරතුරක් මත ක්ෂේත්‍ර සහකාර කොට්ඨාශයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබේ
පරිසර අමාත්‍යාංශය සඳහන් කරනුයේ වන සංරක්ෂණ ආඥා පනතට අනුව ගැසට් කර ඇති ඕනෑම භූමි ප්‍රදේශයක අනවසරයෙන් ඇතුළුවීම වරදක් වන අතර ගිනි තැබීම, අත්පත් කර ගැනීම, සතුන් දඩයම් කිරීම, ජල මාර්ග අවහිර කිරීම, උගුල් ඇටවීම, ජලයට විෂ මිශ්‍ර කිරීම, බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය සහ අනවසර දැව ව්‍යාපාර පවත්වාගෙන යාමද වන සංරක්ෂණ ආඥා පනතට අනුව වන අපරාධ ලෙස සැලකෙන බවය.
අත් අඩංගුවට ගත් සැකකරුවන්ට වන අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතය.