අලි – මිනිස් ගැටුම අවම කිරීමේ දිගුකාලීන පියවරක් ලෙස, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අලි මංකඩවල් කඩිනමින් නිදහස් කර ඒවා ආරක්ෂිත කළාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ සම-සභාපතිත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ භාග්‍ය ශ්‍රී හේරත් මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද පිරිසක් එක්ව සිටියහ.
එම සාකච්චාවේදී මහකනදරාව, නාච්චාදූව සහ මහවිලච්චිය යන වනාන්තර ප්‍රදේශ යා කරන සාම්ප්‍රදායික අලි මංකඩවල පවතින බාධා ඉවත් කර ඒවා නිදහස් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම ජී.පී.එස්. (GPS) සහ චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් අලින් ගැවසෙන ස්ථාන සහ මාර්ග සිතියම්ගත කිරීමටත්, එම අලි මංකඩවල් නීත්‍යානුකූලව ආරක්ෂිත රක්ෂිත කළාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් එහිදී සාකච්චා කෙරුනි .
මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇති වනබිම් නිදහස් කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා වැදගත් වෙයි . මිනිසුන් සහ ඔවුන්ගේ ඉදිකිරීම් වනසතුන් සහ මිනිසුන් අතර ගැටුමට ප්‍රධාන හේතුවකි . අනාධිමත් කාලයක් අලි ඇතුන් ප්‍රමුක වන සතුන් ගමන් ගත් මාර්ග මිනිසුන් විසින් අත්පත් කරගැනීම නිසා වනසතුන් ගම්වැදුන බව සැබෑය. එහෙත් එකී වන බිම් මිනිසුන් අත් හළ සැනින් ඒවා නැවත සතුන් සිය සංචරණය සඳහා යොදාගනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව පරිසර වේදීහු පෙන්වාදෙති .
ඒ සඳහා කාලයක් වැය විය හැකි අතර බාහිර බලපමකින් තොරව අලි ඇතුන් සිය පැරණි අලිමංකඩ වෙත එළබෙන තුරු බලා සිටීමට තරම් මිනිසුන් ඉවසිළිවන්ත විය යුතුය . එහෙයින් රජයේ තීරණය අලි මිනිස් ගැටුම වැලකීමට වැදගත් නමුත් ඉන් ක්ෂණික ප්‍රතිචාර බලාපොරොත්තු විය නොහැකි බව සඳහන් කරන්නෙමු .
අලි මංකඩ නිදහස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි කොහොලංකල, හඳපානගල සහ වැටහිරකන්ද යන ප්‍රධාන අලි මංකඩවල් තුනක් මේ වන විටත් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර අලින්ගේ ගමනාගමනය සඳහා විවෘත කර ඇත .