වට්ටමඩු තෘණභූමිය වී වගාවට යොදා ගැනීමේ ප්රශ්නය ඉඩම් අයිතියෙන් පමණක් තීරණය කළ නොහැක.මන්ද තෘණභූමියකට ස්වභාවික පරිසර පද්ධති සේවා රාශියක් තිබේ.
ජලය
තෘණ හා පස මගින් වර්ෂා ජලය අවශෝෂණය කර රඳවා තබා ගැනීම, මතුපිට ජල ගලායාම පාලනය කිරීම සහ භූගත ජල පද්ධතියට දායක වීම වැනි සේවා සැපයිය හැක.
පස
තෘණ මූල පද්ධතිය පස ස්ථාවර කරයි.
තෘණභූමිය ඉවත් කර වගා කිරීමේදී පස කැළඹීම, ඛාදනය, කාබනික ද්රව්ය අඩුවීම සහ ජල ගලායාමේ රටා වෙනස් වීම සිදුවිය හැක.
කාබන්
තෘණභූමි පද්ධතිවල කාබන් විශාල කොටසක් ශාකයට වඩා පස තුළ ගබඩා විය හැක. එබැවින් ඉඩම් භාවිතය වෙනස් කිරීමේදී පසෙහි කාබන් චක්රයද සැලකිල්ලට ගත යුතුය.
ජෛව විවිධත්වය
තෘණභූමිය තුළ තෘණ විශේෂ පමණක් නොව කෘමීන්, උරගයන්, උභයජීවීන්, කුඩා ක්ෂීරපායින් සහ පක්ෂීන් ඇතුළු විශාල ජීව ප්රජාවක් පවතී. එබැවින් “මෙතැන ගස් නැහැ” යන තර්කය මත “මෙය වනාන්තරයක් නොවන නිසා පරිසර වටිනාකම අඩුයි” යන නිගමනයට පැමිණීම විද්යාත්මකව වැරදිය.
.