අප මේ හදන්න සුදානම් වන්නේ සංවර්ධනයට පාරක් ද, නැත්නම් වනාන්තරය මරණයට ඇද දමන දොරටුවක් ද.

අප මේ හදන්න සුදානම් වන්නේ සංවර්ධනයට පාරක් ද, නැත්නම් වනාන්තරය මරණයට ඇද දමන දොරටුවක් ද.

 

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමිමුල්ල ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයට අයත් සොරගුනේ වනාන්තරය යනු බොගහපටිටිය වනාන්තරය හා සමිබන්ධ සොරගුනේ දේවාලයට අයත් අක්කර 12000ක භුමියකි. මෙම වනාන්තරය රත්නපුර දිස්ත්‍රික්කයේ රජවක යෝජ්ත රක්ෂිතයට හා බදුල්ල දිස්ත්‍රික්කයේ වෙලන්විට යෝජිත රක්ෂිතයටත්  කොස්ගම යෝජිත රක්ෂිතයට සමිබන්ධව ඇති වනාන්තර පද්ධතියකි.‍‍

සොරගුනේ වනාන්තරය වෙිලිඔයේ හා කාන්කන්නි ඔයේ ප්‍රධාන ජල පෝෂකයද වෙි. වෙිලිඔය ව්‍යාපාරය ගොඩනගා ඇත්තේද මෙම ජලමුලාශ්‍ර දෙක ප්‍රයෝජනයට ගෙනය. මෙම වනාන්කරය ආශ්‍රීතව ජිවි විශේෂ 390 ක් හදුනාගෙන ඇති අතර ඉන් විශේෂ 59 ක් මෙරටට ආවෙිනික වේ. වන අලි සුලබ  මෙම කළාපය හරහා සංක්‍රමණික වන අලියන්ගේ ගමන් මාර්ග රැසක් ද වැටී තිබේ .

මෙම වනාන්තරය වනසමින් ඉකුත්කාලයේ දේශපාලන සබඳතා ඇති පුද්ගලයෙකු අක්කර 628 එළිපෙහෙළි කර තරැ හෝටලයක් සමග ගෝල්ෆ් පිටියක්ද ඉදිකරන්නට සුදානමි වුනේ මෙහි ඇති පාරිසරික වැදගත්කම නොසලකාය.‍‍ මෙවැනි පසුබිමක් යටතේ ඉකුත් ආණ්ඩු  කිහිපයකදීම ප්‍රතික්ෂේප වු  සොරගුනේ සිට බලහරුව දක්වා වන කැලෑබද මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉදිකරන්න සුදානම්වන්නේ වෙිලිඔය ව්‍යාපාරයේ හදවත දෙපලුකරමිනි.

මාර්ගයක් යනු වනාන්තරයක විනාශයේ දොරටුවයි

සංවර්ධනය නමැති මුවාවෙන් අද අප බොහෝ විට කරන්නේ සොබාදහමේ සීමා මායිම් ආක්‍රමණය කිරීමයි. රටක ආර්ථික දියුණුවට මාර්ග පද්ධති අවශ්‍ය බව සැබෑවකි. නමුත්, ගණ වනාන්තරයක් මැදින් නව මාර්ගයක් කපාගෙන යද්දී අප දන්නේම නැතිව සිදුවන්නේ එම පරිසර පද්ධතියේ ගෙල සිඳ දැමීමයි. පරිසරවෙිදින් හා සංවිධාන  පවසන පරිදි, වනගත ප්‍රදේශයක ඉදිවන ඕනෑම නව මාර්ගයක් යනු එම වනාන්තරයේ අවසානය සනිටුහන් කරන 'විනාශයේ දොරටුව' යි.

මාර්ගයක් වනාන්තරයක් හරහා ඉදි වූ විට සිදුවන ප්‍රධානම ව්‍යසනය වන්නේ 'වනාන්තර කැබලි වීම' (Forest Fragmentation) යි. වන සතුන්ට තම නිවහන තුළ නිදහසේ ගමන් කිරීමට තිබූ අයිතිය මෙයින් අහිමි වේ. ආහාර සොයා යන සතාට හෝ තම සහකරුවා සොයා යන සතාට මේ පාර නිරන්තර මරණීය උගුලකි. මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කිරීමේදී රථ වාහනවලට හසුවී මියයන වන සතුන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

වනාන්තරයේ ගැබටම යන්න පාරක් හැදුණු පසු සිදුවන්නේ කුමක්ද. එය දඩයම්කරුවන්ට, නීතිවිරෝධී දැව ජාවාරම්කරුවන්ට සහ බිම් අත්පත් කර ගන්නා අපරාධකරුවන්ට ලැබුණු රන් දොරටුවකි. මීට පෙර මිනිස් ඇසට නොපෙනී ආරක්ෂිතව පැවති වනාන්තරයේ රහස්, මේ පාර ඔස්සේ බාහිර ලෝකයට විවෘත වේ. අවසානයේ සිදුවන්නේ වටිනා ඖෂධ පැළෑටි, පෞරාණික දැව සහ වඳවී යන සත්ත්ව විශේෂ වනාන්තරයෙන් පිටතට ගලා යාමයි.

මාර්ගයක් ඉදි වූ පසු ඒ දෙපස මිනිස් වාසයන් බිහි වීම ස්වාභාවිකය. නමුත්, ඒ සමඟම ඇතුළු වන ආක්‍රමණශීලී ශාක වර්ග සහ බාහිර ජීවීන් දේශීය පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳ දමයි. වනාන්තරයේ ස්වාභාවික ශාක පද්ධතිය මේ නව ආගන්තුකයන්ට ඔරොත්තු නොදීම නිසා, දශක ගණනාවක් පැවති වන කළාපය දිනෙන් දින ක්ෂය වී යයි.

සංවර්ධනය යනු සොබාදහම සමග ගැටීම නොවේ . එය සොබාදහම සමග සහජීවනයෙන් කටයුතු කිරීමයි. අලුත් පාරක් හදද්දී අප අපෙන්ම අසා ගත යුතු ප්‍රශ්නය මෙයයි: "අප මේ හදන්නේ සංවර්ධනයට පාරක් ද, නැත්නම් වනාන්තරය මරණයට ඇද දමන දොරටුවක් ද?"යන්නයි.

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.