දකුණු පාදය ආබාධයට ලක්ව විලච්චිය යාය 7 ප්‍රදේශයේ සැරිසැරූ අලියාට ප්‍රතිකාර කිරීම ඊයේ (5) ඇරඹූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි .
වනජීවී දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත වනජිවී පශුවෛද්‍ය උදේශිකා මධුවන්ති ඇතුඑ වනජිවි නිලධාරීන් කණ්ඩායමක් විසින් අලියාට ප්‍රතිකාර කළ අතර එම කණ්ඩායම තව දුරටත් අලියා පිළිබඳව අවධානයෙන් පසුවෙයි .
