උඩවලව ජාතික උද්‍යානයේ වටලීමකදී නීති විරෝධී මත්පැන් බැරල් සහ තුවක්කු සහ මදු අත්අඩංගුවට

උඩවලව ජාතික උද්‍යානයේ වටලීමකදී නීති විරෝධී මත්පැන් බැරල් සහ තුවක්කු සහ මදු අත්අඩංගුවට

 

උඩවලව ජාතික උද්‍යානයේ සිදුකළ මුර සංචාරක දී නීති විරෝධී මත්පැන් බැරල් , බඳින තුවක්කු, මදු කිහිපයක් අත්අඩංගුවට ගැනේ.

නියං සමයේ සිදුකරන ඒකාබද්ධ මුර සංචාරයක් අතරතුර උද්‍යානය තුළ පිහිටි කඩවලආර ප්‍රදේශයේ දී නීතිවිරෝධී මත්පැන් සහිත බැරල් කිහිපයක් සමග සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද බඳින තුවක්කු ඇතුළු මදු කිහිපයක් අත්අඩංගුවට ගැනීමාට වනජීවී නිළධාරීන් සමත්ව ඇත . ඉදිරියේදී මේ පිළිබඳව
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිත ය. 

වනෝද්‍යානය තුළ දඩයක්කරුවන් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරනා අතර, වනජීවී නිලධාරීන් විසින් මේ දක්වා සිදුකළ මුර සංචාර සහ වැටලීම්වලදී නීතිවිරෝධී ගිණි අව් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ . එම ගිණි අවි නිෂ්පාදනය කරන ස්ථාන සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් අඛණ්ඩ සෝදිසි කිරීම් කරනා බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි .

මෙම වැටලීම ගල්පාය බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකර ඇත.

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.