නියඟය නිසා කුමන සහ ගල්ඔය වනෝද්‍යානවල කඳවුරු බිම් කිහිපයක් වසා දමයි .

නියඟය නිසා කුමන සහ ගල්ඔය වනෝද්‍යානවල කඳවුරු බිම් කිහිපයක් වසා දමයි .

 

පවතින නියං තත්වය හේතුවෙන් කුමන සහ ගල්ඔය ජාතික උද්‍යානවල පිහිටි කඳවුරු බිම් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇතිබව වනජීවී සංරාක්සණ දෙපාර්තමේන්තුව පවසයි .

ඒ අනුව කුමන ජාතික උද්‍යානයේ ඇද කුඹුක i , ඇද කුඹුක ii , ගල් අමුණ, හෙරලිගස් ආර, මෝයකට යන කඳවුරු බිම් සඳහා මේ වනවිට සිදුකර ඇති සියලු වෙන්කිරීම් අවලංගු වේ. එසේම ගල්ඔය ජාතික උද්‍යානයේ හත්පොත පිවිසුමට අදාළ සියළු කඳවුරු බිම් සඳහා ද මේ වනවිට සිදුකර ඇති සියලුවෙන්කිරීම් අවලංගු වන බව වනජීවී දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි .
 
ඊට අමතරව කුමන ජාතික උද්‍යානයේ සහ ගල්ඔය ජාතික උද්‍යානයේ හත්පොත පිවිසුමට අයත් කඳවුරු බිම් සඳහා  තවදුරටත් කඳවුරු බිම් වෙන් කිරීම අත්හිටුවා ඇත. 

පවතින දැඩි නියං තත්වය සමනය වීමෙන් අනතුරුව සංචාරකයන් සඳහා අවලංගු වූ වෙන් කිරීම්වලට නව දින ලබාදීමෙන් පසු යාල ජාතික උද්‍යානයේ කලාප i හා ii ට අයත් සංචාරක නිවාස සහ කඳවුරු බිම් නව වෙන්කිරීම් වෙනුවෙන් සංචාරකයන්ට විවෘත කෙරේ

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.