වලව කොටාටත් මරණ වරෙන්තු ...

වලව කොටාටත් මරණ වරෙන්තු ...

 

උඩවලව වනෝද්‍යානය ආශ්‍රිතව වාර්තා වුන පසුගිය දිනවල දක්නට නැති බවට වාර්තා පලවුන කුරු අලියා (වළවේ කොටා/වළවේ කුරා) නැවත වාර්තා වීම පිළිබඳව වනජීවී පරයේෂක‍යෙක් වන සමීර වීරතුංග සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ සටහනක් මෙහි පහත පලවේ. ඉතා විරලව වාර්තාවන මෙම කුරු අලියා මුහුන දෙමින් තිබෙනා තර්ජන පිළිබඳව එම ලිපිය මගින් ලේඛකයා වනජිවී බලධාරීන්ගේ අවධානය යොමුකර ඇත . 


උපුටා ගැනීම ආරම්භය.

''මෙයා සුපුරුදු විදියටම උඩවළවේ වැටහිරකන්ද සීමාවේ මෙවරත් 2026ත් අපි රෙකෝඩ් කරා. 
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උඩවළවේ ඇත් අතුරු සෙවණ ප්‍රධාන පශු වෛද්‍යතුමා ඇතුළු කණ්ඩායම හා වැටහිරකන්ද ගල්කටුකන්ද බීට්ටුවේ වනජීවී නිලධාරීන් දැනුවත් කරා.
මාස දෙකකට පසුව නැවතත් එයා එයාගේ සුපුරුදු තැන හමුවෙලා. ඒක විශේෂයක් නෙවෙයි 

ප්‍රශ්නය වෙන්නේ අපි කරන්නේ පරයේෂණ දත්ත එකතුකිරීම සහ මෙම සතුන්ගේ සැබෑ නිජබිම් අයිතිය වෙනුවෙන් සටන් කිරීමක්. ඒ හැර සතා කොටයිද දළ තියෙනවාද අපිට අදාළ නෑ. මේ සතා මා මුල් වරට දැක ලෝකෙට 2013 දී කීව දා පටන් තාමත් ඒ සතා සහ ඔවුන්ගේ ගමන් මග සුරක්ෂිත කිරීමට අදටත් ඒ සටනේ එලෙසම ඉන්නවා. මේ පිංතූර දාපු බණ්ඩාර නිෂාන්ත සහෝදරයාත් ඒක හොඳින් දන්නවා.
එයත් මේ සතා ගැන දැඩි අවධානයෙන් ඉන්නවා.

මෙවර දැඩි නියඟය සමග යම් විශේෂිත තැන් වලින් මෙයා වැඩිපුරම පේනවා සහ නිවාඩු සමයේ මිනිසුන්ගේ ඇස ගැටෙනවා වැඩී. ලොකුම කාරණාව මෙයා එන්නේ සම්පූර්ණයෙන් මිනිසුන් අල්ලාගත් දැන් වගා කරන භූමීන් හරහා. මෙයාට වෙඩි තියනවා , හොඬේ මදු වලට අසුවී කැපී තියෙනවා ඒවා ඔය කවුරුත් දන්නෙ නෑ . මේ කුරු අලියට නම් දෙන්න , නෑදෑ කම් දෙන්න උප්පැන්න සහතික දෙන්න කවුරුත් හිටියට මේ සතා වෙඩිකා මැරෙන්න වරෙන්තු ලියපු සතෙක් බව ඔය කවුරුත් දන්නෙ නෑ.
කොටින්ම දෙපාර්තමේන්තුවවත් ඒ ගැන හිතන්නේ නෑ.

දවසක පයින් ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මෙයා යන අවදානම් ගමන. එදා කැලෑ භූමිය අද අනාරක්ෂිත ලදුකැලෑ සහ වගාභූමියේ මේ සතා ඇතුළු අනෙකුත් අලි ටික ජීවත් වෙන්නෙ මරබිය සමගින්.   උපුටා ගැනීම අවසන්. 

 

චායාරූපය බණ්ඩාර නිෂාන්ත

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.