අලින්ට වැඩක් නැති කාසිකොටේ අලි උමග .

අලින්ට වැඩක් නැති කාසිකොටේ අලි උමග .

 

අකමැත්තෙන් උනත් කියන්න ඕන කාගෙ කාගෙත් මනදොළ සම්පූර්ණ කිරීමට රජය විසින් අවසන් කරන ප්‍රොජෙට් එකක් විතරයි මේක. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වඩාත් හොඳින් මේක තේරුම්ගන්න. මේ ඉදිකිරීම් අතරතුර මෙච්චර මිනිසුන් ගොඩක් මැදින් මේ අහිංසක අලි රංචුව පාර මාරුවෙනව කියන්නෙ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බැරි වැඩක්.

මෙහෙම පැයගනන් බලාගෙන ඉන්න අලි ඉන්නෙ තිබහින්,බඩගින්නෙන්,සුදුසුම වෙලාව එනකල්  මතක තියාගන්න වැඩි දවසක් නොයා මෙතන මිනිහෙක්ට අලි ගහනව .ඉදිකිරීම් අඩාල වෙනව, එක්කො ගමේ මිනිහෙක් මැරෙනව, මේ ආවේගශීලි වෙච්චි අලි රංචුවට මුණ ගැහිල.අනික මෙතන මදකිපුනු අලියෙක් හා මද කිපීමට ආසන්න ඇතෙකු ඉන්නව. අලි බැලිල්ල කෙළවෙන්න යන්නෙ තප්පරයයි.

අනෙක් දේ දිගින් දිගටම මේක උනොත් අලි මේ උමගෙන් අනිවාර්යයෙන්ම යන්නෙ නෑ නෑ නෑමයි. එයාලට මුලින්ම තිබුණු observation platform එක මේ මගුල නිසා දැන් නෑ. දැන් සතුන් උපායශීලී හැසිරීම් රටාවක් තුලින් ඉක්මනින් ඔතනින් මාරුවෙන්න යනව. ඒකෙ අවසන් ප්‍රතිඵල එන්නෙ උමග හැදූදාට ඕකෙන් අපි බලාපොරොත්තු උන ප්‍රතිඵල නොලැබී තවත් තැන් කිහිපයකින් මේ සතුන් රේල් පාර පැනීම සහ ගම්මුන් අලි රංචුව අතර මෙතෙක් නොතිබූ ගැටුමක් ඇතිවීම. කරුණාකරල මේ මිනිසුන් පන්නා දමන්න. එසේ නොමැති නම් සංයමයකින් වගකීමෙන් පරිස්සමෙන් විනයක් ඇතිව ඉන්න. මේකෙ අවසානයේ පරිප්පුව කන්නෙ ඔය අවට ගම්වාසීන් හා මේ අහිංසක අලි රංචුවේ සාමාජිකයන් විතරයි.

අවසානයේ මෙසේ ලියමි. කාසිකොටේ යනු කාවන්තිස්ස ඇතාම කීවත් කම්නැත. ඉදිරි දින කිහිපය තුළ කාවන්තිස්සගේ ගමන් මග උදේ රෑ ඔතනින් වන බව නියතය. මෙතෙක් අගේට පාර පැන්න සතා නොමරා මරන්න එපා.එයා එන්නෙ මද කිපිල. එයා ආවේගශීලි කරන්න එපා. එපා කියන්නේ එපාම නිසා. මොකද ඔතන සිදුවීම ඉවසන්න බැරි තැන කාවන්තිස්ස ඔය ආසන්නයේම ප්‍රචණ්ඩ වියහැකි. එසේ නොමැතිවුව හොත් අතරමගදී  අහිංසක මිනිහෙක් පාරකන්න පුළුවන්.

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.