ඕලු මුවෙක් මරා මස් කරද්දී අතටම අසුවූ දෙදෙනා අධිකරණය හමුවට .

ඕලු මුවෙක් මරා මස් කරද්දී අතටම අසුවූ දෙදෙනා අධිකරණය හමුවට .

 

ශ්‍රී ලංකාවේ වාර්තාවන මුව පවුලේ සාමාජිකයන් හතර දෙනාගෙන් කෙනෙක් වන ඕලු මුවා (Muntiacus malabaricus) මේ වන විට දඩයක්කරුවන්ගේ ඉලක්කයක් වෙමින් සිටී. මෙම හේතුවෙන් ඕලුමුවන් විශල වශයෙන් ඝාතනය කිරීම් වාර්තා වන අතර එය මෙම සතුන්ගේ ගහනය කෙරෙහි අයහපත් ආකාරයෙන් බලපානා බව පෙනෙන්නට තිබේ. 

කුඩා වනාන්තරවල පවා වාර්තා වීම නිසා දඩයක්කරුවන්ගේ පහසු ඉලක්කයක් බවට පත්වෙමින් සිටිනා මෙම සතුන් පිළිබඳව සමාජයේ ප්‍රමානවත් ආකල්ප වර්ධනය නොවීම හේතුවෙන් ඔවුන් දඩයම ඉහල යමින් පවතින බව පෙනෙන්නට තිබේ .

දැඩිලෙස ආරක්ෂිත සතෙක් වන ඕලු මුවෙකු මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට බුලත්කොහුපිටිය වනජීවී  බීට්ටු කාර්යාලයේ නිලධාරීන් ඊයේ දින (11) වන්දා සමත් විය . ඔවුන් අරණායක  ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර ඕලු මුවෙකු මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

මෙම සැකකරුවන් දෙදෙනා වානේ කේබල් යොදා ගනිමින් කඳුකර ප්‍රදේශවල මදු අටවා සතුන් දඩයම් කිරීම කලක සිට කරගෙන් ගොස් තිබූ අතර ඔවුන් දීර්ඝ කාලයක සිට දඩ මස් ජාවාරමේ යෙදී ඇති බව තහවුරුව ඇත . මෙම සැකකරුවන් දෙදෙනා එලබෙන 18 දින අරණායක සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සැකකරුවන් සමග  මස් කිලෝග්‍රෑම් 10 ක් , මදු 05 ක් , මුව සම, මුවාගේ හිස නඩුභාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය . මෙම වැටලීම බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර කේ.පී. උදය කරුණානායක , ඩබ්.ඒ.යූ.වී.ජයසේන, ක්ෂේත්‍ර සහායක කේ.ඒ.එන්.කස්තුරිආරච්චි, ඩී.ඩබ්.අනුර ජයතිස්ස යන නිලධාරීන් විසින් සිදුකරනා ලදි . 

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩිලෙස ආරක්ෂිත සතුන් විශාල සංඛ්‍යාවක් දඩයක්කරුවන්ගේ මදු වලට හසුවීමෙන් මිය යන අතර එම අතත්ත්වය වලක්වාලීම සඳහා දඩ මස් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් , දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුකරන වනජීවී මුර සංචාර සංඛ්‍යාව ඉහළ දමා ඇත . ඊට අමතරව හක්ක පටස් සහ නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගන්න පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමටද වනජීවී දෙපාර්තමේන්තුව කටායුතු කරමින් සිටී .ඒ අනුව මේ වන විට වැටලීම් ගනනාවක් සිදුකර අදාල සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී .

 .

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.