පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තාවේ. ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් කිරීම ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහන පැවැත්වෙන ජූලි මස 27 වන සඳුදා සිදු කිරීමට නියමිතය.
මෙරට වනාන්තර පද්ධතිය මතු පරම්පරාවට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැකගැනීම සඳහා රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව 'කඩොලානට දලුලන්න ඉඩදෙන්න' නමින් නව වැඩසටහනක් ආරම්භ කරන ලදී,
ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ කඩොලාන පවතින පාරිසරික පද්ධතීන් තෝරාගනිමින් කඩොලාන වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කරනු ලබයි.
මෙලෙස හඳුනාගත් කඩොලාන පද්ධති 08ක් රක්ෂිත ලෙසට ප්‍රකාශයට පත් කිරීම 2026 වසරේ ජූලි 26 දිනට යෙදෙන ජගත් කඩොලාන දිනයට සමගාමීව සිදු කිරීමට නියමිත බවත් පරිසර අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයහ දක්වෙයි .
නව රක්ෂිත ලෙස ගැසට් කිරීමට නියමිතව ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 162.72 කි .
මෙරට මේ වනවිට පවතින සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතවය.
ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කළපු ආශ්‍රිතව තැනින් තැන විසිරි ඇති අතර දැනට මෙරට කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තාවී ඇති බවට පර්යේෂණයන්ගෙන් අනාවරණවී ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි .