දේශගුණික විපර්යාස පිළිබඳව මාධ්‍යවේදීන් සමග කථිකාවක් .

දේශගුණික විපර්යාස පිළිබඳව මාධ්‍යවේදීන් සමග කථිකාවක් .

 

දකුණු ආසියානු දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කළ ''දේශගුණික විපර්යාස අනුහුරුකරණය සහ සන්නිවේදනය පිළිබඳ ශ්‍රී ලංකාව මුහුණදෙන වත්මන් අභියෝග'' මැයෙන් මාධ්‍යවේදීන් ඉලක්ක කර පැවති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද (22) පෙරවරුවේ මාලිගාවත්තේ ඩිල්මා සෙන්ටර් හීදී පවත්වන ලදි .

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්ත්වයෙන් පැවති එම වැඩමුළුවේ මුඛ්‍ය දේශණය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සරසවියේ මහාචාර්ය සමන් සෙනවීර විසින් පවත්වන ලදි . 

ඉන් අනතුරුව පැවති සාකච්චාව සඳහා හන්තාන මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන, පාරිසර යුක්තිකේන්ද්‍රයේ නීතීඥ රවීන්ද්‍රනාත් දාඹරේ සහ කාලගුන විද්‍යාඥ ප්‍රිතිකා ජයකොඩි යන අය සහභාගී විය. 

දේශගුණික විපර්යාසය පිළිබඳව ප්‍රජාව දනුවත් කිරීමේ වැදගත් කම, දේශගුණික විපර්‍යාස හමුවේ රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුන දෙන අභියෝග ඇතුළු වැදගත් කරුණු රාශියක් මෙහිදී සාකච්චාවට ලක් විය .

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.