වතුර බොන්නට ආ අලි ඇතුනට වෙඩි ගසා පලවා හරීන වනජීවී දෙපාර්තමේන්තුව .

වතුර බොන්නට ආ අලි ඇතුනට වෙඩි ගසා පලවා හරීන වනජීවී දෙපාර්තමේන්තුව .

 

මේ දිනවල පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා යාල ජාතික වනෝද්‍යානයේ වෙසෙනා වන සතුන් උග්‍ර ජල හිඟයකට මුහුන දෙමින් සිටිති . එම හේතුවෙන් ජලය සොයා තැන තැනයන අලි ඇතින් ප්‍රමුඛ වනසතුන් සුලබව දැක ගත හැකි බව වාර්තා වේ. එමෙන්ම මේ දිනවල ක්‍රියාත්මක කතරගම පාද යාත්‍රාවට සහභාගීවන බැතිමතුන් විශාල පිරිසක්ද වනෝද්‍යානයට ඇතුළත්ව සිටිනා අතර එම හේතුවෙන් නියඟයෙන් පීඩා විඳිනා වන සතුන් තවත් පීඩාවකට ලක්වෙමින් සිටිනා බව වාර්තා වේ.

පාද යාත්‍රාවේ යෙදෙනා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් කටගමුව පිවිසුම අසල තබා ඇති වතුර ටැංකියකට ජලය සොයා ආ නන්දිමිත්‍ර නම් ඇතා පහර දී ඇති බව වාර්තා වේ. මේ තොරතුරු තහවුරු කරගැනීමට උත්සහ ගැනීමේදී වාර්තා වූයේ නන්දිමිත්‍ර ඇත පහර දි ඇත්තේ ජල ටැංකියකය නොව පාදයත්‍රාවේ නියුතු වන්දනාකරුවන් වෙනුවෙන් වෙන්කළ ජලබවුසරයකට බවයි . එම නිසා වනජීවි නිළධාරීන් ඇතාට අලිවෙඩි ගසා පන්නා දමා ඇත .

නන්දිමිත්‍ර ඇතාට අලිවෙඩි ගසා පලවාහළ පුවත සෆාරී රියදුරන් කිහිම දෙනෙක් විසින් තහවුරු කර ඇත. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව සිය කාර්ය භාරය ඉටු කිරීම ප්‍රශ්ණ සහගත බව පැවසිය යුතු වේ. වනජීවී දෙපාර්තමේන්තුව පිහිටවා ඇත්තේ වනජීවීන්ගේ සුබසාධනය වෙනුවෙන් මිස වන්දනාකරුවන්ට පහසුකම් සපයන්නට නොවනා බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවන් පසුබිමකදී පවසට දිය සොයා ආ නන්දිමිත්‍ර ඇතාට අලිවෙඩි ගසා පළවා හැරීම අමානුෂික මෙන්ම රාජකාරි අරමුණු පැහැරහැරීමක්ද වන අබ්ව අපගේ විශ්වාසයයි. 

මෙරට වනෝද්‍යාන ශ්‍රී ලංකාවේ ඩොලර් උල්පත් ලෙස කටයුතු කරනා අතර, මෙරටට එන සංචාරකයන් බහුතරයකගේ නොවරදින ගමනාන්ත බවට යාල විල්පත්තු වැනි වනෝද්‍යාන පත්ව ඇතිබව රහසක් නොවේ . යාලට සංචාරකයන් කැඳවන මූලික හේතුව අලි ඇතින්  සහ කොටි බව රහසක් නොවේ. එසේ යාල නැරඹීමට එන සංචාරකයන් අතර නන්දිමිත්‍ර ඉතා ජනප්‍රිය හස්තියෙකි. එවන් සතෙක්ට අලිවෙඩි ගසා පළවා හැරීම අමානුෂික ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අනෙක් අතට ජල හිඟය නිසා අසීරුවට පත්ව සිටිනා අලි ඇතුන්ට අලි වෙඩි ගැසීම නිසා එම සතුන් තව දුරටත් ප්‍රචණ්ඩ වීම සිදුවෙයි . තව ද ඒවායෙන් නැගෙනා අධික ශබ්දය නිසා අලි පැටවුන්  සහ වෙනත් සතුන් බරපතල අපහසුතවයන්ට ලක්වෙති .

වාර්ෂික කතරගම පාද යාත්‍රාව කලක් තිස්සේ පවතින ආගමික චාරිත්‍රයක් බව සැබෑය. එහෙත් අවම වර්ෂාවක් පවතින සමයක වන්දනාකරුවන් දහස් ගණනක් සංවේදි පරිසර කළපයකට ඇතුළු වීම සාධාරණී කරනය කළ හැකි නොවේ. වන්දනාකරුවන් විසින් වනාන්තර තුළ ගිනි දැල්වීම අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි දේ සිදුකරනා අතර එම හේතුවෙන් වනසතුනගේ හැසිරීම් සහ චර්යාවන්ට බාධා සිදුවේ . එනිසා . මෙවැනි පා ගමන් හේතුවෙන් ජාතික උද්‍යානයක පැවැත්මට තර්ජනයක් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ . 

අතීතයේ මෙවන් කාලවලදී යාල ජාතික උද්‍යානයේ සහ සෙසු අභයභූමිවල පවා පොකුණුවලට ජලය පිරවීම සිදුකළ අතර වර්තමනයේදී නියඟය ස්වාභාවික ගහන පාලනයක් සේ සලකා නිහඬව සිටීමට බලධාරීන්පුරුදුව සිටිනා බව පෙනේ. එම හේතුවෙන් වන සතුන් ගම්වැදීම ඉහළ යාමටත්, එනිසා අලිමිනිස් ගැටුම ඉහළ යාමටත් ඉඩ ඇති අතර, ජලය සොයා ගම්මාන වෙත යන සතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම සුලබව සිදු වෙයි. 

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.