සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බලහත්කාරයෙන් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගන්නා උත්සහය ක්ෂේස්ත්‍රයේ බරපතල අර්බුදයක් නිර්මාණය කිරීමට සමත්ව ඇති බව වනජීවී නියාමකයන්ගේ සංගමය පවසයි .
එම සංගමය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ අවිධිමත් සහ බලහත්කාරී ලෙස බලය පාවිච්චිකරමින් කරනා මේ ක්‍රියාවට වනජීවී නියාමකයෝ සිය දැඩි විරෝධය පලකර සිටිනා බවයි . එමෙන්ම මේ ක්‍රියාව නිසා වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය අවුල්වීමෙන් වනෝද්‍යාන ආශ්‍රිතව ගැටළු ඇතිවිය හැකිබවද ඕවුහු පෙන්වාදෙති .
මෙම අවිධිමත් සහ බලහත්කාර ක්‍රියාව පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සාකච්චාවක ඉල්ලා සිටියද එය මෙතෙක් ලැබී නැති බවත්. පසුගිය 6 වනදා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවීමට ගත් උත්සහයද එය අසාර්ථක වූ බවත් වනජීවී නියාමකයන්ගේ සංගමය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි .
වනජීවී සංරක්ෂණ ක්ෂේස්ත්‍රයේ සහ එහි සේවයේ නියුතු වූවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් බරපතල අර්බුදයකට දමනා ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට විරෝධය පෑම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සියළුම වෘත්තීය සමිති සාමාජිකයන් 2026,07,13 (හෙට) දින අසනීම නිවාඩු වාර්තා කරනා බවත්, දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුව තම ගැටළු පිළිබඳව සංදේශයක් අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාර දීමට බලාපොරොත්තුවන බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.